සමාව ගෙන, පින්දී, පරම මයිත්‍රීය පතුරවන්න. අතිදීර්ග සංසාරය පටන් ගත්දා සිට මේ මොහොත තෙක්, සිත, කය, වචනය යන තුන් දොරින් දැන හෝ නොදැන පරම පවිත්‍ර සිරි සද්ධර්මයට,බුදු, පසේ බුදු, මහා අරහත් ඇතුළු සියලු මග පල ලාබීන්ට මා අතින් සිදු වූ සියලු ආර්යෝපාදවලට හා සියලු පව් වලට මා සමාව ඉල්ලා සිටිමි. ඒ සියලු පව් වලට මට සමාව ලැබේවා! මට සමාව ලැබේවා! මට සමාව ලැබේවා! මා කමා වේවා! මා කමා වේවා! මා කමා වේවා! අතිදීර්ග සංසාරය පටන් ගත්දා සිට මේ මොහොත තෙක්, සිත, කය, වචනය යන තුන් දොරින් දැන හෝ නොදැන තුන් ලෝක වාසී සියලු සත්වයන්ට මා අතින් වරදක්, පාපයක්, හිංගියක්, හිංසාවක්, අවැඩක්, අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ සියලු පව් වලට මා සමාව ඉල්ලා සිටිමි. ඒ සියලු පව් වලට මට සමාව ලැබේවා! මට සමාව ලැබේවා! මා කමා වේවා! මා කමා වේවා! මා කමා වේවා! එලෙසම අතිදීර්ග සංසාරය පටන් ගත්දා සිට මේ මොහොත තෙක්, මා උපයා සපයා ගෙන ඇති මේ විශාල පුන්යස්කන්දය තුන් ලෝක වාසී සියලු සත්වයන්ට පින් පතුරවා පිහිටුවමි, පින් අනුමෝදන් කරමි, පින් දෙමි. තුන් ලෝක වාසී සියලු සත්වයන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා! එත්තාවතාච අම්මෙහි සංබදං පුඤ්ඤ සංපදං , සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මෙහි සංබදං පුඤ්ඤ සංපදං , සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මෙහි සංබදං පුඤ්ඤ සංපදං , සබ්බේ සත්තා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදංමේ ඥාති ඉනං හොතු, සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදංමේ ඥාති ඉනං හොතු, සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදංවෝ ඥාති ඉනං හොතු, සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මෙන මා මේ බාල සමාගමෝ, සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා. පරම මෛත්‍රිය පැතිරවීම මමද සියලු ලෝක සියලු සත්වයෝද සතර අපා දුක තෙක් ඇති සියලු දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. කාම රාග ආදී රෝගයන්ට මුල්වන සියලු කරැණු වලින් මිදී සකෘදාගාමි ඵලයෙන් නිරෝගි වෙත්වා. නිරාමිස සුවයෙන් අනාගාමි ඵලයට පත්වී අනාගාමි සුවයෙන් සුවපත් වෙත්වා. සදහටම සංසාර දුකින් මිදී නිදහස් වන අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා. නිවන් සුවයෙන් සුවපත් වෙත්වා