සමාව ගැනීම, පින් දීම, පරම මයිත්‍රීය පැතිරවීම.

අතිදීර්ග සංසාරය පටන් ගත්දා සිට මේ මොහොත තෙක්, සිත, කය, වචනය යන තුන් දොරින් දැන  හෝ නොදැන බුදු, පසේ බුදු, අරහත් ඇතුළු සියලු මග පල ලාබීන්ට මා අතින් සිදු වූ සියලු ආර්යෝපාදවලට හා සියලු පව් වලට මා සමාව ඉල්ලා සිටිමි. ඒ සියලු පව් වලට මට සමාව ලැබේවා! මට සමාව ලැබේවා! මට සමාව ලැබේවා! මා කමා වේවා! මා කමා වේවා! මා කමා වේවා!

අතිදීර්ග සංසාරය පටන් ගත්දා සිට මේ මොහොත තෙක්, සිත, කය, වචනය යන තුන් දොරින් දැන  හෝ නොදැන තුන් ලෝක වාසී සියලු සත්වයන්ට මා අතින් වරදක්, පාපයක්, හිංගියක්, හිංසාවක්, අවැඩක්, අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ සියලු පව් වලට මා සමාව ඉල්ලා සිටිමි. ඒ සියලු පව් වලට මට සමාව ලැබේවා! මට සමාව ලැබේවා! මා කමා වේවා! මා කමා වේවා! මා කමා වේවා!

එලෙසම අතිදීර්ග සංසාරය පටන් ගත්දා සිට මේ මොහොත තෙක්, මා උපයා සපයා ගෙන ඇති විශාල පුන්යස්කන්දයක්  ඇති නිසා ම මනුෂ්‍යයෙක් ලෙස ඉපදී සිටිනවා. මා සතුව ඇති මේ පුන්යස්කන්දය තුන් ලෝක වාසී සියලු සත්වයන්ට පින් පතුරවා පිහිටුවමි, පින් අනුමෝදන් කරමි, පින් දෙමි. තුන් ලෝක වාසී සියලු සත්වයන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා!

——————————————————————————————–

සියලු ආර්යයන් වහන්සේලාගෙන් හා සියලු සත්වයන්ගෙන් සමාව අරගෙන මා සතු සියලු පින් අනුමෝදන් කිරීම හේතුවෙන් මගේ සිත දැන් රාගයෙන් තොරයි, ද්වේශයෙන් තොරයි, මෝහයෙන් තොරයි. ඒසේ තුන් සිත පැහැදී ඇති මේ අවස්ථාවේ මා පරම මයිත්‍රීය පතුරව මුළු විශ්වයම පිරිසිදු කරමි. මගේ සිතින් පිටවන සුදු කිරණ වලින් මුලුවිශ්වයම පිරිසිදු වෙත්වා!
සියලු සත්වයෝ සෝවාන් මාර්ගය හා පලයෙන් නිදුක් වෙත්වා!
සියලු සත්වයෝ සකදාගාමී මාර්ගය හා පලයෙන් නීරෝගී වෙත්වා!
සියලු සත්වයෝ අනාගාමි මාර්ගය හා පලයෙන් සුවපත් වෙත්වා!
සියලු සත්වයෝ අරහත් මාර්ගය හා පලයෙන් දුකින් මිදෙත්වා!
සියලු සත්වයෝ නිවන් සුවයෙන් නිවී සැනසෙත්වා!